මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 3 ක් ඉදිරිපත් කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය සහ යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා මාධ්‍ය නීති සංසදය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයාව නම්කර ඇති බවයි සඳහන් වන්නේ.
සමාජ මාධ්‍ය නියාමනය කිරීමට යැයි සඳහන් කරමින් රජය විසින් මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන බවත් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් මාධ්‍යවේදීන්ගේ නිදහස බරපතළ ආකාරයෙන් කප්පාදුවීමක් සිදුවන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.
ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ.