මහ කන්නයේ පොහොර බෙදාහැරීම අද සිට

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර අද (09) සිට බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව අද සිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
එම පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.