ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් අද සහ හෙට නිවාඩු

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද (09) සහ හෙට (10) වසා තැබීමට තීරණය කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එසේම 12 වනදා ආරම්භවීමට නියමිතව තිබූ දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගය කල් දැමීමටද තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.