ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිල වශයෙන් යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

රට නිල වශයෙන් යුද්ධයකට පත් කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව එරට අගමැති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව එහිදී සැලකිය යුතු හමුදා ක්‍රියාකාරකම් සිදු කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සිය ගණනක් මරා දමමින් හමාස් ත්රස්තවාදීන් දකුණු ඊශ්‍රායලයට රිංගා ගැනීමත් සමඟ රට යුද්ධයක පවතින බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.