අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 71,320 කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පවුල් 18,898 කට අයත් පුද්ගලයින් 71,320 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
ආපදාවට ලක්වු පවුල් 555කට අයත් පුද්ගලයින් 1,910 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 16ක රඳවා ඇති අතර ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 12කට පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,004ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.