වැසි තත්ත්වය තවදුරටත්

නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල සවස්කාලයේ දී ගුගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඊට අමතරව ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති වීමේ හැකියාව පවතිනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇති විය හැකියි.