ලබන සඳුදා සහ අඟහරුවාදා මාතර සියලු පාසල්වලට නිවාඩු

පවතින අධික වැසි සහිත කාලගුණය නිසා ලබන සඳුදා සහ අඟහරුවාදා මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කය ආශ්‍රිත ගංවතුර තත්ත්වය ඉහළ යමින් පවතින නිසා මෙම තීරණය ගත් බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල හදිසි සහන සේවා කටයුතු සඳහා මේ වනවිටත් යුද හමුදා සෙබළුන් 600ක් යෙදවීමටත් යුද හමුදාව පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.