මාතර ප්‍රදේශයේ ජනතාවට ගංවතුර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

මාතර දිස්ත්‍රික්කයේ මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පහත්බිම්වලට ඉදිරි පැය කිහිපයක කාලය තුළ ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පහත්බිම්වල සිටින ජනතාව වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යොමුවන ලෙසයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ.
මේ වන විට මාතර අත්තුඩාව බැම්මෙන් ජලය පිටාරගලමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.