පස් කන්දක් කඩා වැටී මාර්ගයක් වැසේ

පස් කන්දක් කඩා වැටීම නිසා බෙරගල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය තාවකාලිකව අවහිර වී තිබෙනවා.
නිකපොත ළමා නිවාසය අසළ දී මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.