තලංගම ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරු මරුට

පසුගියදා තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව සිටි හිටපු කමාන්ඩෝ භටයා හංවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (07) වග ප්‍රදේශයේ රියල් ස්ටේට් හිදී වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
පසුගිය 25 වනදා තලංගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන වෙඩික්කරු වූ තලංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් පමණ වන යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේතුවෙන් පැන ගිය සුපුන් විසින්, විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ටී 81 ස්වයංක්‍රීය අවියකින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වෙත වෙඩි තබා තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රති වෙඩි ප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරු රැදී සිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී ජීව අත්බෝම්බයක්, යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩුවක් සොයාගෙන තිබෙනවා.