ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පාසල් දින දෙකක් වසා දැ​මීමට තීරණයක්

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වන අඟහරුවාදා දිනව​ල එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබීමට නියමිතයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *