සනත් නිශාන්ත කඩිමුඩියේ නාමල්ගේ විදුලි බිල ගෙව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් නිසා – නලීන් හේවගේ

නාමල් රාජ​පක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල්‍යයට අදාළ විදුලි බිල සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් හදිස්සයේ ගෙවන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවක් නිසා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ පවසනවා.

නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති අදාළ නඩුව ලබන මස 06 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට භාජනය කිරීමට නියමිත බවද, එම නිසා ඊට පෙර බිල ගෙවා දැමූ බවද ඔහු පෙන්වා දෙනවා.

එම නඩුවට අදාළ සිතාසි මේ වන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු මෙම වංචාවට සම්බන්ධ සැමට මේ වන විට යවා ඇති බවද ඔහු සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *