ඉන්දික තොටවත්ත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (06) පස්වරුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *