රියදුරු බලපත් මුද්‍රණය කිරීම ඇතුළු සියළු කටයුතු ඉදිරියේ දී ඩිජිටල්කරණයට

මෝටර්රථ දෙපාර්තමේන්තුවේ ”ඊ – මෝටරින් ව්‍යාපෘතිය” යටතේ රියදුරු බලපත් මුද්‍රණය කිරීම ඇතුළු සියළු කටයුතු ඉදිරියේදී ඩිජිටල්කරණය වන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද ( 06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රියදුරු බලපත් මුද්‍රණය කිරීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙට්ට්‍රො පොලිටන් ආයතනය සමග තිබූ ගිවිසුම අවලංගු වී තිබූ කාල සීමාවෙදි තමයි , ශ්‍රී ලංකා යුධ හමුදාවට මෙම රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ බලය ලබල දුන්නේ. මෙට්ට්‍රෙිපොලිටන් ආයතනයේ යන්ත්‍ර සූත්‍ර අරගෙන තමයි මෙම කර්ත්‍රව්‍ය භාර ගත්තේ. ටෙන්ඩර් පටිපාටියට අනුව දැනට ක්‍රියාත්මක වන ඊ- මෝටරින් වැඩසටහනත් ලබා දීලා තිබෙන්නේ මෙට්ට්‍රොපොලිටන් ආයතනයටම තමයි. අලුත් රියදුරු බලපත් මුද්‍රණය කිරීම සහ ඊ මෝටරින් ව්‍යාපෘතිය යන සියල්ලම එක තැනකින් සිදු විය යුතු නිසා තමයි මෙම මෙට්ට්‍රො පොලිටන් ආයතනයට ලබා දී දී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *