මාතර දිස්ත්‍රික්කයට ගංවතුර සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කෙරේ

ඉදිරි පැය 24 තුළ නිල්වලා ගං ද්‍රෝණියට ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

නිල්වලා ගං ද්‍රෝණියට ඉදිරි පැය 24 ක කාලය තුළ මිලිමීටර 100 කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවා ඇති අතර එසේ වැසි තත්ත්වයක් ඇති වුවහොත් නිල්වලා ඟඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරා යා හැකි බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් මාතර කඹුරුපිය, මාලිම්බඩ, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලට විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවිත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *