පොලිය අඩුවිය යුතු හැටි ගැන බැංකුවලට උපදෙස් දුන්නා – මහ බැංකු අධිපති

ජනතාව ලබාගෙන ඇති ණය සඳහා බැංකු විසින් පනවා ඇති පොලී අනුපාත ඉතා ඉක්මනින් අඩුවිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

‍පොලිය අඩුවිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද බැංකු දැනුවත් කර ඇති බවත් මේ වන විට බැංකු පද්ධතිය ස්ථාවර බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාව, ජපානය, පැරිස් ක්ලබ් ප්‍රමුඛ සංවිධාන සහ චීනය ඉතාම හොඳින් සමීපව කටයුතු කරන බවත් ඉතා ඉක්මනින් එම කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *