නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රට අතහැර යන විශේෂඥ වෛද්‍යවරු

අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසක් දැඩි පීඩනයකින් හා සම්පත් ඌනතාව මධ්‍යයේ පවත්වාගෙන යන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.
මෙරට වෛද්‍යවරු, ගුරුවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු සියලු වෘත්තිකයින් ගොඩ නැගුවේ සාමාන්‍ය ජනතාව වන බැවින් ඔවුන් රැකගැනීමේ යුතුකමක් හා වගකීමක් වෘත්තිකයන් සතුව පවතින බවයි ඔහු සඳහන් කළේ.
රටේ ජනතාව දැවැන්ත පීඩනයකට මුහුණ දී සිටින අතර එම පීඩනයෙන් ඔවුන් මුදාගැනීම සඳහා දේශපාලනය හෝ වෙනත් කරුණු බාධකයක් ලෙස නොසැලකිය යුතු අතර ජනතාව වෙනුවෙන් උපරිම සහය ලබා දියයුතු අවස්ථාවක විශේෂඥ වෛද්‍යවරු 400 ක් පමණ රට අතහැර යාම සම්බන්ධව තමා කණගාටු වන බව නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
රට යම් මට්ටමකට ආර්ථික ස්ථාවරත්වයකට පැමිණෙන තුරු වසර කිහිපයක් මෙරට රැදී සිටින්නට ඔවුන්ට යුතුකමක් මෙන්ම වගකිමක්ද තිබූ බව පෙන්වාදෙන සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා යම් රටක් දැඩි අර්බුදයකට ලක් වූ විට සියළු දෙනා එක්ව ඊට මුහුණ දිය යුතු බවයි පෙන්වා දී ඇත්තේ.