කජුගමදී බස් රථ අනතුරක්

අද (06) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව කජුගම ප්‍රදේශයේදී අද අලුයම 5.00 ට පමණ එම අනතුර සිදුවී ඇති අතර අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

එම අනතුරෙන් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *