අකුරැස්සේ විශාල කන්දක් නාය යයි

අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත් වීමෙන් අනතුරුදායක පවුල් 21 එම ස්ථානවලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම ආපදාවට ලක්වූ පවුල්වල 70කට ආසන්න පිරිසක් මේ වනවිට දියලපේ විහාරස්ථානයේ සහ දියලපේ පාසලේ රඳවා ඇති බවයි සඳහන් වන්නේ.
මෙම නාය යාම හේතුවෙන් ජීවිත හානි නොමැති අතර දේපළ රැසක් හානි වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.