EPF ප්‍රතිලාභ අඩු කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම් ​සලකා බැලීම සඳහා ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා, එහි මූල්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *