2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (05) ආරම්භ වනවා.

එය අද සිට නොවැම්බර් 19 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *