ICC CWC 2023 Warm-up: ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට කඩුලු 6 ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පුහුණු තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 294 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 158 ක්, සධීර සමරවික්‍රම ලකුණු 39 ක් හා පැතුම් නිස්සංක ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ලකුණු පුවරුව පහතින්.
news images news images news images news images