Asian Games : මීටර් 400×4 කාන්තා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු තරඟාවලියේ මීටර් 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
එහිදී ඔවුන් දැක්වූ දක්ෂතාව 03.30.88 ක් ලෙසයි සටහන් වන්නේ.
මීටර් 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්ව සඳහා ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.