Asian Games : අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තානය හමුවේ ලකුණු 8කින් පරාජයට පත්ව තිබෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගැනීමට සමත් වුණා.

නූර් අලී සඩ්‍රාන් ලකුණු 51(52) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ශෙවෝන් ඩැනියල් ලකුණු 9කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 16 කටත් දැවී ගිය අතර නුවනිදු ප්‍රනාන්දු රැස් කළේ ලකුණු 5ක් පමණයි. නායක සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 22 ක් ලබා ගත්තා.

ඒ අනුව මේ වන විට ඉන්දියාව, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය යන රටවල් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *