කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිසි​​ය කැඳවයි

දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (04) සවස් කාලයේදී දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීම සඳහා පැමිණ සිටි ජනතාව දැඩි පීඩාවට පත්වී සිටිනවා.

මේ වනවිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *