ක්‍රීඩා අමාත්‍යවරයාගේ කමිටුවට එරෙහිව නියෝගයක්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10 වනදා තෙක් ඉදිරි පියවර නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , ක්‍රීඩා අමාත්‍යාංශය යන ආයතන ත්‍රිත්වය සම්බන්ධීකරණය කිරීම සඳහා සිදත් වෙත්තමුණි‌ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කමිටුවක් පත්කර තිබුණා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *