TODAY: ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් අද දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

ගොවිබිම්, පතල් සහ කර්මාන්තවල වැඩකරන සේවකයින්ගේ වැටුප මත්පැන් පානය සඳහා වියදම් කිරීම හේතුවෙන් යුරෝපා රටවල පවුල් විසින් ඉදිරිපත් කළ විරෝධතා සැලකිල්ලට ගනිමින් ලෝක අමද්‍යප දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අමද්‍යප දිනය හේතුවෙන් අද දිනයේ සියලුම සුරාසැල් වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *