Asian Games : ශ්රී ලංකා මීටර් 400×4 සහය දිවීමේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ආසියානු තරඟාවලියේ මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට ශ්රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගත්තා.
ඒ අනුව මූලික වටයේ දෙවන තරගය විනාඩි 3:06.60 ක කාලයකින් නිමා කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
දිනුක දේශාන්, පබසර නිකූ , රජිත රාජකරුණා සහ පසිඳු කොඩිකාර ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර අවසන් තරගය හෙට (04) මෙරට වේලාවෙන් සවස 6 ට පැවැත්වීමට නියමිතයි.