Asian Games : තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සුදුසුකම් ලබා තිබෙනවා.
මූලික තරගයට සහභාගී වූ තරුෂි කරුණාරත්න විනාඩි 2:05.48 කින් තරගය අවසන් කළ අතර ගයන්තිකා අබේරත්නද මූලික තරගය විනාඩි 2:07.17 ද අවසන් කර අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
අවසන් තරගය හෙට (04) මෙරට වේලාවෙන් සවස 4.55 ට පැවැත්වීමට නියමිතයි.