2030 වන විට පොදු ප්‍රවාහනය පොසිල ඉන්ධන වලින් තොරව විදුලියෙන්

වර්තමානයේ ලොව පුරා ඇතිවී ඇති නවතම වෙනස වනුයේ 2030 වන විට පාපැදි, යතුරුපැදි, ත්‍රීරෝද රථ, වෑන්රථ, බස්රථ පමණක් නොව දුම්රිය සහ පොදු ප්‍රවාහනයේ සියලුම දෑ පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව විදුලියෙන් භාවිතා කරන දේ බවට හැරවිය යුතු බවට ලෝකය පුරා සම්මන්ත්‍රණ සාකච්ඡා වැඩමුළු පැවැත්වෙන බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

එළඹෙන 14,15 දෙදින තුළ හෝමාගම පිටිපන හරිත විශ්වවිද්‍යාලයත් සමග ඒකාබද්ධව රාජ්‍ය ආයතන සංවිධාන සහ පුද්ගලික අංශය එකතු වී අඩු වියදම් පිරිමැසුම්දායක පරිසර හිතකාමී විදුලි වාහන භාවිතය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමටත් ඒවා නිෂ්පාදනය දිරිගැන්වීමටත් පහසු සහනදායී ක්‍රමයකට පාරිභෝගික ජනතාවට ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *