ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සමරා කාර්යාංශයෙන් වෛද්‍ය කඳවුරක්

ඔක්තෝම්බර් මස 01 දිනය යෙදුනු ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගාල්ල හා බදුල්ල දිස්ත්‍රික්කවල විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෛද්‍ය කඳවුරු දෙකක් සංවිධානය කරන ලදි.

ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ගාල්ල යටගල රජමහා විහාරස්ථානයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී සහභාගි වූ ජනතාව වෙනුවෙන් නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත්වු අතර, ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් රෝද පුටු, අත් වාරු ලබාදීමද සිදුකරන ලදී. එසේම අක්ෂි සායනයක් පවත්වා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමද සිදුකරන ලදී.

බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී සහභාගි වූ සැම වෙනුවෙන් නොමිලේ කායික, අක්ෂි හා දන්ත සායන පවත්වන ලදී. එසේම වයස අවුරුදු 35ට වැඩි වැඩිහිටි ප්‍රජාව සඳහා අනතුරුවලින් ආරක්ෂා වීම සම්බන්ධව දැනුවත් කිරීමද, ළමා රැකවරණ වැඩසටහනක්ද පවත්වන ලදී. එසේම කායික රෝග සායනයක් පවත්වා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් ඒ සඳහා යොමුකිරිමද සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී එම්.ආර්. සී. බී. ඒකනායක යන මහත්වරුන් හා මහජනතාව විශාල පිරිසක්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *