ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන පනත් දෙක සඳහාම එරෙහි විය යුතුයි – සාලිය පීරිස්

ඔන්ලයින් ආරක්ෂණ පනත සහ ත්‍රස්ත විරෝධී පනත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතිඥ සාමූහිකය පවසනවා.

මෙම පනත් හරහා රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සත්‍ය දැන ගැනීමට ජනතාවට තිබෙන අයිතිය සීමාවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙන්නේ.

මෙම පනත් කෙටුම්පත් දෙක සඳහාම එරෙහිවිය යුතු බවද, මෙම පනත් කෙටුම්පත් සම්මත වුවහොත් දශක ගණනාවක් යන තෙක් එහි ඵල විපාක විඳීමට සිදුවන බවද ඔහු අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *