ආණ්ඩුව දන්නවා ඔවුන් ගන්න කිසිම ක්‍රියාමාර්ගයකින් රටේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කියලා – හරිනි අමරසූරි​ය

පවතින රජය ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයකින් රට තුළ තිබෙන ප්‍රශ්න නොවිසඳෙන බව ඔවුන් දන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.

ඒ හේතුවෙන් ඉදිරියේදී ජනතාවගෙන් රජයට එරෙහිව විශාල විරෝධතාවයක් එන්නට නියමිත බැවින්, මේ වන විට රජය විසින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීම වෙනුවෙන් පනත් සකස් කරමින් සිටින්නේ ඊට සූදානම් වීමට බවද ඇය පෙන්වා දෙනවා.

ප්‍රතිත්‍රස්ත පනත සහ ඔන්ලයින් ආරක්ෂණ පනත යන පනත් දෙකම රජය විසින් ගෙන එන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත විරෝධතාවලදී ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමට බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *