සමාජ මාධ්‍ය පනතට එරෙහි විරෝධතාවකට අදාළව අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් සමාජ මාධ්‍ය හා ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (02) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වාත්, එතැන සිට බාලදක්ෂ මාවත දක්වාත් විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මදුෂාන් චන්ද්‍රජිත්, ගල්වැව සිරිදම්ම හිමි, දුමින්ද නාගමුව, ජොශප් ස්ටාලින්, ධම්මික මුනසිංහ, තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු විරෝධතාකරුවන් 9දෙනෙකුට එරෙහිව එම නියෝගය නිකුත් කර තිබෙනවා.