ශ්‍රීලන්කන් ගුවන් ගමන් ප්‍රමාදවීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහිදි බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *