බස් ගාස්තු අවම වශයෙන් 5% කින් වැඩි කළ යුතුයි – බස් සංගම්

ඉන්ධන මිල සංශෝධනයත් සමඟ අවම වශයෙන් 5% ක බස් ගාස්තු වැඩිවීමක් සිදුවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් සඳහන් කරන්නේ ගියවර ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව සංශෝධනයක් සිදු නොවූ බවත් මෙවර අවම බස් ගාස්තුවද සංශෝධනය විය යුතු බවයි.

ඩීසල් වැඩිවීම නිසා කෙටි දුර ධාවන බස් රථයක් දිනකට රුපියල් 1000 ක් සහ දුර ගමන් සේවා බස් රථද දිනකට රුපියල් 2000 ත් 2500 ත් අතර පාඩුවක් ලැබීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ රුපියල් 10 කින් ඩීසල් වැඩිවීම මත බස් ගාස්තු සංශෝධනයකට යාමට නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *