ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගෙ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ දැරණිගයගල යන ප්‍රදේශීය ලේකම් කොට්ටාසවලට මෙලෙස අදියර 2 මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එසේම මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, පිටබැද්දර, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ටාසවලටද අදියර 2 මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.