ප්‍රජාතන්ත්‍රවාදය ගැන රටවල්වලට ගිහින් බණ දේශනා කරලා මෙහාට ගේනවා මර්දනය – එස්.එම්. මරික්කාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ රටවලට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සඳහන් කරමින් විවිධ කතා පැවත්වා රට තුළ මර්දනය ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.
මේ වන විට විදුලිය, ජලය, ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් මේ තුළින් ජනතාවට එන පීඩනය සමාජ මාධ්‍ය තුළ පළ කිරීම වාරණය කිරීමට මෙම නීති ගෙන එන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රටේ සිටින සෑම තරුණයෙක් තරුණියක් සතුවම ස්මාට් ජංගම දුරකථනයක් තිබීම යනු ඔහුට හෝ ඇයට නාලිකාවක් ඇති බවත් එවා සමඟ සෙල්ලම් කිරීමේ අවස්ථාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් වැඩිදුරටත් සඳහන් කළේ.