කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වෙයි

දින 10 ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ අවසන් වූ බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පවසනවා.

ඉකුත් 22 වනදා සිට ඊයේ රාත්‍රිය දක්වාම කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානය පාඨකයින්ගෙන් පිරී ගොස් තිබූ බවයි ඔහු සඳහන් කළේ.

ගතවූ දින 10 තුළ කොළඹ පොත් ප්‍රදර්ශනය සඳහා ලක්ෂ 15 කට අධික පිරිසක් පැමිණ ඇති බවයි සමන්ත ඉන්දීවර වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *