ඉතිහාසයේ වගා හානි සඳහා ගෙවන ලද වැඩිම මුදල මේ වසරේ රජයට ගෙවන්න වෙලා – මහින්ද අමරවීර

මෙතෙක් ඉතිහාසයේ වගා හානි සඳහා ගෙවන ලද වැඩිම මුදල මෙම වසරේදී ගෙවීමට රජයට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව නියඟයෙන් සහ වර්ෂාවෙන් හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවීමට සිදුව ඇති බවයි තංගල්ල ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ.

නියඟය හේතුවෙන් සිදුවූ වගා හානි තක්සේරු කිරීම් අවසන් කිරීමට ආසන්නව තිබියදී වර්ෂාව හා ගංවතුර නිසා සිදු වූ වගා හානි තක්සේරු කිරීමට ද රජයට සිදුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *