හරක් කටාගේ පලායෑමේ සැලැස්මට සහය දුන් තවත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටාගේ පළායෑමේ සැලැස්මට ආධාර අනුබල ලබාදුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *