ප්ලාස්ටික් වර්ග කිහිපයක් අද සිට තහනම් වෙයි

තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක බව පරිසර අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ප්ලාස්ටික් වර්ග 9ක් පමණ මෙම තහනමට අයත් බවත් ප්ලාස්ටික් මඟින් සිදුවන විශාල පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු අවම කිරීම මෙලෙස තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කිරීමේ මූලික අරමුණ බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මෙම තහනම යටතේ ප්ලාස්ටික් ගෑරුප්පු, හැඳි, පිඟන්, කෝප්ප, ඉඳිආප්ප වට්ටි, බීම බට සහ මල් මාලා ඇතුළු වර්ග 9 ක් මෙලෙස තහනම් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *