නිවසක් තුළ – ඝාතනයකට ලක් වූ හිමිනමකගේ සිරුරක්

පොතුහැර, ලිහිණිගිරිය, ආඳාවල පුරාණ පොත්ගුල් විහාරයේ වැඩ සිටි හිමිනමක් නිවෙසක් තුළ දී ඝාතනයකට ලක්ව තිබෙනවා.

ඊයේ (30) මෙම ඝාතනය සිදුව ඇති අතර මෙතෙක් ඊට හේතුව අනාවරණය වී නැහැ.

63වන වියේ පසු වූ අපවත් වුණු හිමිනම මෙම විහාරස්ථානයේ සිට වරින් වර එම හිමි නම ගිහි කල පදිංචි නිවෙසට පැමිණෙන බවත් එලෙස පැමිණ සිටියදී ඝාතනයට ලක් ව ඇති බවත් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *