ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 ක මුදල් නෝටිටු සංසරණය වන බවට ලද තොරතුරක් මතයි අදාළ පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටු 02ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබෙනවා.
සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයාව ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.