රජය ජනතාවගේ භාෂණයේ නිදහස මර්දනයක

රටේ  ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය යැයි කියමින් රජය  ජනතාවගේ භාෂණයේ නිදහස ඇතුළු  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

මාධ්‍යට සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති අණපනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  වැඩක්ද නැතිනම් පොලිසියේ වැඩක්ද යන කාරණය පිළිබඳ ගැටළු මතුවන බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

මීට පෙර මාධ්‍යට සම්බන්ධ පනත් සහ නීති ගෙන ආවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වුවත් සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැතිවරයා ගෙන ඒමේ යටි අරමුණක් තිබෙන බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

රාජපක්ෂලාගේ අදහස් වලට අනුව වැඩ කරන පුද්ගලයෙක් බවට අද රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇතැයි ද ඔහු එහිදී තවදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *