මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි

මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

තමන්ගේ ජිවිතයට මරණීය තර්ජන එල්ල වීමත් වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීමත් හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ටී.සරවනරාජා මහතා ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

කුරුන්දි විහාරයට අදාල ආන්දෝලනාත්මක නඩුව විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේ විභාග වුණ අතර කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මූලික පරීක්ෂණද විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේදී සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *