සනත් නිශාන්තට එරෙහි පැමිණිලි විභාගයට දින නියම කෙරේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කර තිබෙනවා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්තද අධිකරණයේ පෙනීසිට ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පැමිණිලිවලට අදාළව සාක්ෂි ආඥාපනත යටතේ  ලබාදුන් නොතීසියට අනුව විත්ති පාර්ශ්වයට සාක්ෂි පරීක්ෂා කිරීම සඳහා වන ප්‍රවේශය ලබාදී තිබෙන බවත් ඊට අදාළ වාර්තා ඉදිරිපත් කර තිබෙන බවයි.

ඒ අනුව මෙම පැමිණිලි විභාගය සඳහා ඔක්තෝබර් මස 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *