ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැහැ – IMF

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්රූවර් පවසනවා.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානීවරයා සඳහන් කළේ, මෙරටට අනුමත කරඇති විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරික නිදහස් කිරීම, විදෙස් ණය හිමියන් සමග ඇතිකරගන්නා එකඟතා හා එකඟ වී ඇති ප්‍රතිපත්ති මත රඳා පවතින බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත බිලියන 1.5 ක් දක්වා වැඩි වී ඇති බවත් උද්ධමනය සැලකිය යුතු ලෙස  පහත වැටී ඇති බවද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *