EPF ප්‍රතිලාභ අවම කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහග​ත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා, එහි මූල්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *