චීන පර්යේෂණ නෞකාවට මෙතෙක් අවසර ලබාදී නැහැ – විදේශ ඇමති

Shi Yan 6, චීන පර්යේෂණ නෞකාවට ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නැංගුරම්ලෑමට මෙතෙක් අවසර ලබාදී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
ඒ අනුව Shi Yan 6, චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව මතුකරන කරුණු විශේෂයෙන් සැලකිල්ලට ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඉන්දීය ANI ප්‍රවෘත්ති සේවාවට අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.